මේක බොරුවක්.. මිනිසුන් මරා දමන්නැයි කුරාණයේ නෑ..

ජූනි 18, 2019

    මුස්ලිම් නොවන පුද්ගලයින් මරා දමන ලෙස කුරාණයේ සටහන්ව ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මාධ්‍ය ප්‍රකාශක ෆාසිල් ෆාරුක් මවුලවිවරයා පවසයි.

    කුරාණයෙහි වැකි හය දහස් හයසිය හැට හයක් ඇති බවත් ඉන් වැකි 27ක් ඇතැමුන් විසින් සමාජය ඉදිරියෙහි වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

    ඉස්ලාම් ධර්මය පිළිබඳව ජනමාධ්‍යයෙන් ඉගෙන නොගෙන, ඒ පිළිබඳව මුස්ලිම් වියතුන්ගෙන් අසා දැනගන්නා ලෙසත් ෆාසිල් මවුලවිවරයා ඉල්ලා සිටියේය.

    මවුලවිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) කුරුණෑගලදී "ජාතික හා ආගමික සහජීවනත්වය තුළින් තිරසාර ශ්‍රී ලංකාවක්" මැයෙන් පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 07:35

    Latest News