සර්වපාක්ෂික සමුළුව අද

ජූලි 26, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අද (26) වැනිදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර තිබෙනවා.

    එම සර්වපාක්ෂික සමුළුවේ දී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

    Latest News