වැඩ බලන්න ඇමති 4ක්

සැප් 13, 2023
    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්යාංශ 4ක රාජකාරී අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්යවරු සිව් දෙනෙක් පත්කර තිබෙනවා.

     

    ඒ අනූව, රාජ්ය අමාත්ය කනක හේරත් මහතා, වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙසත්, රාජ්ය අමාත්ය අනූප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා ළමා සහ සමාජ සේවා අමාත්යවරයා ලෙසත්, රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා, වැඩබලන මුදල් අමාත්යවරයා ලෙසත්, රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්යවරයා ලෙසත් පත් කර තිබෙනවා.

    Latest News