පොහොට්ටුවේ නගරාධිපති වඩු උපවාසය අතහරී

ජූනි 13, 2019

    වඩු කර්මාන්තය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් පැවැත්වු උපවාසය ඊයේ රාත්‍රි අවසන් කෙරිණ.

    මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් මහතා, නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ වඩු කාර්මිකයෙකු විසින් මෙම උපවාසය පසුගිය 11 වැනිදා ආරම්භ කරුණු ලැබිණ. ඒ මොරටුව මහනගර සභාව ඉදිරිපිටදී.

    වඩු කාර්මිකයින් මුහුණ දෙන ගැටලු සහ කර්මාන්තයක් ලෙස දියුණු කිරිමේ අවස්ථාවන් සොයා බැලිමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාද (06/11) අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම සාකච්ඡාවේදි වු එකඟතාවන් අනුව උපවාසය අතහරින ලෙස ඉල්ලමින් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා විසින් යොමු කළ සංදේශයකින් පසු උපවාසය අතහරනු ලැබිණ. මොරටුව මහනගර සභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා විසින් උපවාසකරුවන්ට එම සංදේශය භාර දෙනු ලැබුවේය.  

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 13:17

    Latest News