බුද්ධි අංශ ප්‍රධානී ලෙස රුවන් කුලතුංග පත්කෙරේ

ජූනි 13, 2019

    ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ.

    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ තනතුර සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශ විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. 1984 දී පුහුණුවන කැඩෙට් නිලධාරියෙකු ලෙස  ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ රුවන් කුලතුංග මහතා පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවැනි ලුතිතන් වරයෙකු ලෙස පත්විය. ඔහු මේජර් ජෙනරාල්වරයෙකු ලෙස පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සේනා විධායක ධුරයට ද පත්ව සිටියේය. ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස පත්කිරීමට පෙර ඔහු බටලන්ද ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙස ද කටයුතු කළේය. 

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 12:17

    Latest News