මඩකලපුව මුහුදු තීරයෙන් තහනම් දැල් තොගයක්

ජූනි 10, 2019

    මඩකළපුව කළපු ප්‍රදේශයේදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 නාවික හමුදාව සොයාගෙන තිබේ.

    ඒ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද මඩකළපුව, කළපු ප්‍රදේශයෙ ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී.

    නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුවසහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණ. 

     

     

    Last modified on සදුදා, 10 ජූනි 2019 07:49

    Latest News