ගිගුරුම් සහිත වැසි හා තද සුළං

ජූනි 10, 2019

    දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

    අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    දිවයින හරහා, විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සදුදා, 10 ජූනි 2019 07:26

    Latest News