ධීවර ක්ෂේත්‍රයේ ණය ලබාගත් පුද්ගලයින්ට රජයෙන් සහන

නොවැ 20, 2020

    ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් ලබා ගත් ණය සඳහා සහනයක් ලබා දීමට රජය සැළසුම් කර තිබේ.

    ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මහ බැංකුව සමග සාකච්ඡා කර ඇති බවයි.

    මීට අමතරව ඉස්සන්, කකුළුවන් වැනි ජලජ ජීවී නිෂ්පාදන ද ධීවර සංස්ථාව හරහා මිළදි ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඔහු පැවසුවේය. 

    කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය 21 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 750 කට අධික වටිනාකමින් යුත් මත්ස්‍ය නිෂ්පාදන ධීවර සංස්ථාව හරහා මිළදී ගෙන තිබේ.

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම මත්ස්‍ය නිෂ්පාදන ආරක්ෂිතව ගබඩා කර ඇති බවයි.

    Last modified on සිකුරාදා, 20 නොවැම්බර් 2020 10:58

    Latest News