මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නැංවීමට කැනේඩියානු රජයේ සහය

ජන 23, 2020

    මෙරට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම සඳහා කැනේඩියානු රජය කැමැත්ත පළකර තිබේ.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් යන මහත්වරුන් අතර ඊයේ පැවති හමුවක දී මේ බව අනාවරණය විය. හමුව පැවැත්වුණේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී. දැනටමත් කැනේඩියානු රජය මෙරට ධීවර කර්මාන්තය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික හා මූල්‍යමය දායකත්වය ලබාදී තිබේ. එය තමන් අගය කරන බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙහිදී කියා සිටියේ.

    උතුරු පළාතේ කාන්තාවන්ගේ ස්වයං රැකියා කටයුතු හා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයන්වල දී කැනේඩියානු රජය ලබාදෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කෙරිණ. තවදුරටත් මෙරට ධීවර ප්‍රජාව සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි, කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 08:03

    Latest News