ඩයිනමයිට් දමා මසුන් මැරූ පුද්ගලයෙක් මරුට

පෙබ 29, 2020

    පුපුරනද්‍රව්‍ය භාවිත කරමින් ගිං ගඟේ හිනිදුම ප්‍රදේශයේ දී මසුන් මැරීමේ නිරතව සිටි පුද්ගලයෙක් එය පුපුරා යාමෙන් මියගොස් තිබේ.

    තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හිමිනදුම දිසා රෝහලට ඇතුළත් කෙරිණ. ඊයේ සිදුවූ මෙම අනතුරින් මිය ගියේ හිමිදුම බෝදිකන්ද ප්‍රදේශයේ දෙදරු පියෙක්. තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

     

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 12:24

    Latest News