ඉන්දුනීසියා මුහුදුට ගසා ගෙන ගිය ධීවර යාත්‍රාවල සහයට විශේෂ නාවික යාත්‍රාවක්

මැයි 21, 2020

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවලට සහය ලබා දීම සඳහා අද (21) විශේෂ නාවික හමුදා යාත්‍රාවක් පිටත කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම ධීවර‍යින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    ධීවර යාත්‍රා 30 ක් පමණ මෙම කුණාටු තත්ත්වය හමුවේ රේඩියෝ මාර්ගයෙන් දුන් උපදෙස් පිළිපදිමින් කුණාටුව මඟ හැර මෙලෙස ඉන්දුනිසියා මුහුදු ප්‍රදේශයට යාත්‍රා කර තිබේ. මේ හේතුවෙන් සිදුවීමට තිබු විශාල හානියක් වැළකී තිබේ.

    එම යාත්‍රා ඉන්දුනීසියානු වෙරළට නාවික සැතපුම් 200 ක් පමණ ආසන්නයේ එනම් ඉන්දුනීසියාවේ අනන්‍ය ආර්ථික මුහුදු කලාප ‍සී‍මාවේ රැඳී සිටින අතර කුණාටුවේ තත්ත්වය යහපත් වූ නිසා ඊයේ නැවත් ලංකාව දෙසට යාත්‍රා කිරීම ආරම්භ කර තිබේ.

    හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවලින් පිටත් ව ඇති මෙම ධීවර යාත්‍රාවල ගැනියන් 180 ක් පමණ සිටින අතර ඔවුන් නිරුපද්‍රිතව යාතා කරමින් සිටින බවද පැවසෙයි.

    නැවත යාත්‍රා කරන අවස්ථාවේ දී අමතර ඉන්ධන අවශ්‍ය වුවහොත් ලබා දීම සඳහා මේ වන විටත් කුඩාවැල්ල වරායේ සිට ඉන්ධන රැගත් යාත්‍රා කීපයක් ද මේ වන විට පිටත් කර තිබේ.

    මුහුදේ තත්ත්වය යහපත් වුවහොත් තව දින කීපයක් ඇතුළත ආදාළ සියලු ‍යාත්‍රා නිරුපද්‍රිතව නැවත ගෙන්වා ගත හැකි බවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 09:14

    Latest News