අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවලට සහය ලබා දීම සඳහා අද (21) විශේෂ නාවික හමුදා යාත්‍රාවක් පිටත කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළු ධීවර යාත්‍රා මුහුදු යාම අත්හිටුවන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

පුපුරනද්‍රව්‍ය භාවිත කරමින් ගිං ගඟේ හිනිදුම ප්‍රදේශයේ දී මසුන් මැරීමේ නිරතව සිටි පුද්ගලයෙක් එය පුපුරා යාමෙන් මියගොස් තිබේ.

මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල යෙදුනු මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගැනිණ.

ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News