උඩවලවට යන්න අළුත් පාරක් (වීඩියෝ)

ජූනි 08, 2019

    උඩවලව ජාතික වනෝද්‍යානයට නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකෙරේ.

    ඒ බලංගොඩ,කපුගල,හඳගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. නව ප්‍රවේශ මාර්ගයත් සමග උඩවලව ජාතික වනෝද්‍යානයට මාර්ග දෙකකින් ප්‍රවේශවීමට අවස්ථාව උදාවෙයි. ජාතික වනෝද්‍යානයක් ලෙස උඩවලව ප්‍රකාශයට පත් කෙරුණේ, 1972 වසරේදී. ඒ උඩවලව ජලාශය ඇති කිරීමෙන් අනතුරුව, එහි ජලපෝෂිත ප්‍රදේශය වශයෙන් සහ අලිඇතුන් ඇතුළු වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්. මෙහි වපසරිය හෙක්ටයාර් 30,821ක්.

    රත්නපුර හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට මායිම්ව පිහිටිා ඇති මෙම උද්‍යානයට, මීට පෙර පැවත ප්‍රවේශ මාර්ගය පිහිටා ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ උඩවලව,තණමල්විල මාර්ගයේ 7 කණුවට ආසන්නවයි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:58

    Latest News