සියලු ධීවර යාත්‍රා මුහුද යාම තාවකාලිකව අත්හිටුවයි

මැයි 15, 2020

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළු ධීවර යාත්‍රා මුහුදු යාම අත්හිටුවන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ, ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බවටයි, කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙන්නේ.

    දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි දැනුම් දෙන්නේ.

    Latest News