රතනහිමි සුවය ලැබ රෝහලින් පිටව යයි (විඩියෝ)

ජූනි 05, 2019

    මහනුවර දළදා මාලිගාවේ උඩමලුවේ සිව්දිනක් උපවාසයෙන් පසු මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු පූජ්‍ය අතුරලියේ රතන හිමි සුවය ලබා මීට ස්වල්ප වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

    මහනුවර රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා ඊයේ කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් තත්වයට හැරෙමින් පවතින බවයි.

    දින 4ක කාලයක් උපවාසය සිදුකිරීමෙන් ඇතිවූ විජලන තත්වය හැර වෙනත් කිසිඳු රෝගී තත්වයක් උන්වහන්සේට නොමැති බව ඔහු එහිදි ප්‍රකාශ කළේය.

    රිෂාඩ් බද්යුදීන්, අසාද් සාලි හා හිස්බුල්ලා යන අයට තනතුරුවලින් ඉවත් වන ලෙස බල කරමින් උපවාසයක් පසුගිය සිකුරාදා මහනුවර දළදා මාලිගාවේ උඩමළුවේ දී ආරම්භ කෙරිණ. උන්වහන්සේ කළ ඉල්ලීම් පසුගිය සඳුදා දහවල් ඉටුවීම හේතුවෙන් පස්වරු 2.00ට පමණ උපවාසය අවසන් කෙරිණ.

    පූජ්‍ය අතුරලීයේ රතන හිමිගේ බංකලොත් දේශාපාලන උපක්‍රම උපවාසයෙන් මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලුවිමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹුණ බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද කියා සිටියේය.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උපවාස පසුගිය සඳුදා වන විට ආරම්භව තිබිණ. මේ අතර සඳුදා දිනයේ විරෝධතා ව්‍යාපාර සහ මහනුවර නගරයේ කඩ සාප්පු වසාදාම ඊට සහය පල කිරිමක් සිදුකෙරිණි. 

     

    Last modified on බදාදා, 05 ජූනි 2019 15:22

    Latest News