නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර: ශාන් විජයලාල් ද සිල්වා (වීඩියෝ)

ජූනි 05, 2019

    නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කෙරේ.

    ශාන් විජයලාල් ද සිල්වා මහතා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගරු මෛතීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා එම තනතුරින් පසුගිය දා ඉල්ලා අස්විය. එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.

    ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ දකුණු පළාත් සභා නිල කාලය පසුගිය අප්‍රේල් මාසයේදි අවසන් විය. ඒ වන තුරුම දකුණු පළාත් මහ ඇමැති ලෙස ඔහු කටයුතු කළේය.

    අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු පිටපිටම තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

    Last modified on බදාදා, 05 ජූනි 2019 23:05

    Latest News