කාදිනල් හිමිපාණන් රතන හිමිගේ සුවදුක් විමසීමට යයි

ජූනි 03, 2019

    අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියේය.

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

    පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පවත්වනු ලැබීය. මෙම පාගම සහ ආශිර්වාද පුජාව හැටන් නිග්‍රෝධරාම විහාරස්ථානයේ විහාරධිපති මධ්‍යම පලාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

    මේ අතර, රතන හිමිට සහය පළ කරමින් මහනුවර නගරයේ වෙළඳසැල් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද(03) සිව්වන දිනටත් මෙලෙස උපවාසයේ නිරත වෙයි.

    1 7

    Last modified on සදුදා, 03 ජූනි 2019 12:23

    Latest News