කාසල්රි ජලාශයට මිරිගල් මත්ස්‍යය පැටවුන් මුදා හැරේ (ඡායාරූප)

ජූනි 05, 2019

    කාසල්රි ජලශයට මිරිගල් මත්ස්‍යය පැටවුන් හැත්තැපන්දහස් මුදා හැරිම සිදු කෙරිණ.

    උඩවලව ක්‍රාෆ්ට් මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මිරිගල් මත්ස්‍යය පැටවුන් මෙසේ ජලාශයට මුදා හැරිණ.

    මෙම මත්ස්‍යය පැටවුන් මාස 8 ක කාලයක් තුල කිලෝ 1 ½ ත්, 2 ක් අතර ප්‍රමාණයකට වර්ධනයවේ. ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මෙන් දස ගුණයක මත්ස්‍යයින් වසරක් වැනි කාලයක් තුල බෝවන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටි.

    වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම වෙනුවෙන් වතු කම්කරුවන්ට අඩුමිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමත් මින් අරමුණු කෙරේ. කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවන් විශාල ප්‍රමාණයක්මුදා හැර ඇති බව ජාතික ජලජජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ජාතික ජලජ ජිවි ව්‍යාප්ති නිලධාරි චන්දන ජගත් කුමාර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

    kasaltryfish1 px 900 19 06

    kasaltryfish px 900 19 06 0

    kasaltryfish2 px 900 19 06

    Latest News