අළුයම තණමල්විල උණුසුම්කළ රිය අනතුර

ජූනි 03, 2019

    වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව මහා විද්‍යාලය අසළ පදික මාරුව මතදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවියන් දෙදෙනකු සහ ඇතිලිවැව විද්‍යාලයේ සේවය කරන කාර්යාල සහයිකාවක තුවාල ලබා තිබේ.

    මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් කහ ඉර මතින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි මෙම අයගේ හැපීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

    අනතුර සිදුවීමත් සමග පොලිසිය නිසි පරිදි රාජකාරි ඉටු නොකරන බව පවසමින් සහ එම රියදුරුට නිසි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව මාර්ගය අසලට පැමින විරෝධතාවක නිරත විය. ඔවුන් එම ලොරි රථය මාර්ගයේන් ඉවත් කිරීමට ඉඩ ලබා නොදුන් අතර ඔවුන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

    මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ඇතිලිවැව මහා විද්‍යාලයේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියන් දෙදෙනකු සහ එම පාසලේම කාර්යාල සහයිකාවක බව පොලිසිය පවසයි. ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විටත් එම ස්ථානයේ දී ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වෙමින් සිටී.

    Last modified on සදුදා, 03 ජූනි 2019 12:19

    Latest News