තවත් ආසාදිතයින් 588ක්..මහනුවරින් 43ක්

ජන 13, 2021

    අද (13) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 588 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 04 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ලෙස වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් 584 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින්. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වෙයි. ඒ ආසාදිතයින් 158 ක් ලෙසය.

    ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 236 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    අද (13) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ 'කොවිඩ් - 19' වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 45,748 වේ. ඉන් පුද්ගලයින් 39,863 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර 3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්යග වෙළඳපලේ පොකුර 36,804

    Latest News