වෛද්‍ය ෂාෆිගේ සිද්ධියට චන්දිමගෙන් ගිය ආණ්ඩුවටත් චෝදනා...(වීඩියෝ)

මැයි 30, 2019
  • වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් වැරදි වහන්න කිසිවිටකත් උත්සහ නොකරන බවත්, වැරැද්දක් සිදුව ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.  වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ගොනුවන චෝදනා පැමිණිලි අද ඊයේ සිදුකළ  පමණක් නොව පසුගිය රජය සමයේ ද ගොනුකර තිබූ බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම චන්දිම ගමගේ ....

    "වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් වැරදි වහන්න උත්සහ කරන්නේ නැහැ..වෛද්‍ය ෂාෆිට එරෙහිව තියෙන චෝදනා විභාග කරල අනිවාර්යෙන් දඩුවම් පමුණුවනවා..මතක් කරන දෙන්න ඕන වෛද්‍ය ෂාෆිගෙ කනත්දරේ අද ඊයේ කතන්දරයන් නෙවෙයි..රාජපක්ෂ මහත්යගේ ආණ්ඩුව තිබුන කාලෙත් වෛද්‍ය ෂාෆි ඔය වැඩේ කරලා තියනවා..අපි දැන්නෑ මේකෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා..ඒකාලෙත් පොලීසිවලට ගිහිල්ලා පැමිණිලි කරපුවා තියනවනේ..ඒකාලෙත් ක්‍රියාත්මක වෙලා නැහැනේ..ඒ නිසා සෞඛ්‍ය ඇමතිවරයාද, අගමැතිවරයාද, තවත් ඇමතිවරයෙක් ද කියන එක නෙවෙයි..ඒ කාලේ ඉදන්ම ඔය චෝදනා තිබිලා තියෙනවා..වෛද්‍ය සාෆිට විරුද්ධව ඔය තරම්වත් නීතිය ක්‍රියාත්මක වුණේ යහ පාලන ආණ්ඩුව ආවට පස්සේ...පොලීසිවලට, උසාවියට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වුණ නිසයි එහෙම වුණේ..මේ යහපාලන රජයෙන් තමයි මේක ඉස්මතුවෙලා ආවේ..ඔහු වැරද්දක් කරල තියනවනම් රජයක් විදිහට අපි නීතිය ක්‍රියාත්මක කරනවා අනිවාර්යෙන්ම.."

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 15:43

    Latest News