UNP මන්ත්‍රී චන්දිම ගමගේ: එකාබද්ධයට චෝදනාවක් (වීඩියෝ)

මැයි 30, 2019
  • ඒකාබද්ධ විපක්ෂය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරහිව එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශන පාර්ලිමේන්තු විශේෂ කාරය සභාවෙන් ඉවත් වුයේ වෙනත් අරමුණකින් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා චෝදනා කරයි.

    අනුරාධපුරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ සඳහන් කළේය.

    ඉදිරියේ දී සිය ආණ්ඩුවකට රිෂාඩ් බදියුදීන් මහතා එක්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන බවයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසුවේ.

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එරෙහි චෝදනා විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණට ආරාධන කළ බවත් එය ප්‍රතික්ෂේප ක‍ලේ දේශපාන වාසි ලබා ගැනීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසයි.

    මුදල් ලබාදි මන්ත්‍රිවරුන් බිලි බෑමේ ක්‍රමයක් රජයට නැතත් එය එකාබද්ධයේ පිරිසට ඇති බවත් ඔවුන් සෑම අවස්තාවකම ප්‍රෝඩාකාරි අන්දමින් සිය දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් චන්දිම ගමගේ අවධාරනය කළේය.

     

    Latest News