කැලණිය සරසවිය වසා දැමේ

මැයි 30, 2019

    කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය හැර සෙසු පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

    ඒ සරසවියේ ආරක්ෂාවට ගත් ක්‍රියාමාර්ගවලට සිසුන් පිරිසක් විරෝධය ප්‍රකාශ කිරීම නිසා ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන්. ශිෂය මධ්‍යස්ථානය, ආපනශාලා,දේශනශාලා සහ විද්‍යාගාර රාත්‍රී 9.00ට වසා දැමීමට තීරණය කර තිබේ.

    එබැවින් රාත්‍රී 9.00ට පෙර එම ස්ථානවලින් ඉවත්වී ආරක්ෂක කටයුතුවලට සහය ලබා දෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුවයි. එහෙත් සිසුන් පිරිසක් මෙම තීරණයට එකඟ නොවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදාවීම හේතුවෙන් විශ්ව විද්‍යාලය වසා දැමීමට සිදුවූ බවයි, විශ්ව විද්‍යාල මාධ්‍ය එක්කකය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:04

    Latest News