බුත්තල නගරයේ වෙළෙදසැල් වැසේ

අගෝ 18, 2021

    පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද සැල් හා ව්‍යාපාරික ස්ථාන හෙට (19) රාත්‍රි සිට ලබන බදාදා (25) දින දක්වා වසා දැමීමට තිරණය කර තිබේ.

    වෙළද සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසන්නේ,පසුගිය කොවිඩ් අවධානම හමුවේද බුත්තල වෙළද ප්‍රජාව තම ව්‍යපාරික ස්ථාන වසාදමා සෞඛ්‍ය අංශවලට පුර්ණ සහයෝගයක් ලබාදීමට කටයතු කරන බවයි.

    පැල්වත්ත මංසන්ධියේ සිට බුත්තල දක්වා ව්‍යපාරික ස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක් වසාදැමිමට වෙළද ප්‍රජාව කැමැත්ත පලකර සහය ලබාදීමට සුදානම්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

    Latest News