පවුල් ලක්ෂ 6කට අද අලුතින් සමෘද්ධි

මැයි 30, 2019

    පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවය අද (30)අම්පාර නගරසභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

    ''අලුතෙන් සිතමු දිරියෙන් නැගිටිමු''තේමාව යටතේ දිළිඳුකමේ හෙට දවසේ අභියෝග නිසැකවම හමුදුනාගෙන එය ජයගැනීම මෙම සමාජ මෙහෙවරේ අභිලාෂය වෙයි.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:07

    Latest News