තේගස් යට නිදන් හෙවූ දෙදෙනෙක් මාට්ටු

මැයි 27, 2019

    බ්‍රිඩ්වෙල් තේ වත්තේ, තේ ගස් ගලවා විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

    වැටලිම සිදු කරන අවස්ථාවේ තවත් සැකකරුවෙකු පලා ගොස් තිබේ. මෙම වැටලිමේදී  ජාවාරම්කරුවන් විසින් ගොඩගෙන තිබු පස් සහිත මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනිණ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 27 මැයි 2019 10:10

    Latest News