ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මැයි 27, 2019

    ප්‍රධාන මාර්ගයෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

    මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හීන්දෙණිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානය අසළ දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

    දුම්රියේ ඇතිවූ කාර්මික දෝෂය කඩිනමින් යථාතත්වයට පත් කර දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවීමට කඩිනමින් ක්‍රියා කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

     

    Last modified on සදුදා, 27 මැයි 2019 09:19

    Latest News