පොලීසිය ජනපති යටතට

නොවැ 09, 2018

    අමාත්‍යාංශවලට අයත් විෂයයන් හා කාර්යයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ 2018.11.05 වැනි දින නිකුත් කළ, අංක 2096/17 ගැසට් පත්‍රයේ ඒ බව සඳහන්. ගැසට් නිවේදනයට අනූව, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42ක් මුදල් අමාත්‍යාංශයට පවරා තිබේ. පසුගිය රජය සමයේ මෙම ආයතන පැවතියේ අමාත්‍යංශ කිහිපයක් යටතේයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසර තුනක කාලයක් පැවතියේ මුදල් අමාත්‍යාංශය යටතේ නොවේ. එය හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිබු ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පවරා තිබුණි. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවතියේ විදේශ අමාත්‍යාංශ යටතේයි. ඊට අමතරව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව පැවතියේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේයි.

    සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ පැවතිය යුතු මෙවැනි ආයතන පසුගිය වසර තුනේ විවිධ අමාත්‍යාංශ යටතේ පැවතීම නිසා ගැටලු ගණනාවක් ඇති විය.

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සිදුවූ අක්‍රමිකතාව ඉන් ප්‍රධානයි. ඒ ඒ අමාත්‍යාංශ විෂය පථයන්වලට අයත් ආයතන නොගැලපීම සමාජයේ ද දැඩි කථාබහට ලක් විය. මේ කරුණු සැලකිල්ලට ගෙනයි, අදාළ ආයතන සියල්ල මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

    මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයට යටතට පවරා තිබේ. ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පවති.

    Latest News