තිස්සට රට යන්න අවසරයක්

නොවැ 09, 2018

    කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කූට ලේඛනයක් ප්‍රදර්ශනය කර ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරිමේ චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කෙරිණ.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ එය කැඳවිණ.

    තිස්ස අත්තනායක මහතා මේ මස 17 වනදා සිට 27 දක්වා සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බව ඔහුගේ නිතිඥා මෝසමක් මගින් කියා සිටියේය. ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාල කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා තිබිණ.

    එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා ද විරෝධය පළ නොවිණ

    අදාළ කාලසීමාව තුළ තිස්ස අත්තනායක මහතාට විදේශගත විම සදහා අවසර ලබා දුන් විනිසුරුවරයා දැනට අධිකරණය භාරයේ පවතින ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින මෙන් නියම කෙරිණ.

    Latest News