ලොව වර්ධනය වන අසමානතාව හා නොඉවසීමට බෞද්ධ ඉගැන්වීමේ ආදර්ශයක්: එ.ජා.මහලේකම්

මැයි 19, 2019

    ලෝකවාසී සියලු දෙනාට සාමය හා ගෞරවය ගොඩනැගීමට අපගේ කැපවීම යළි අලුත් කරගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙසක් දින පණිවුඩයෙන් ඉල්ලා සිටී.

    ලොව වර්ධනය වන අසමානතාවය හා නොඉවසීම හමුවේ බෞද්ධ ඉගැන්වීම්වලින් ආදර්ශයක් ලබාගන්නා ලෙසයි, ආයාචනා කරන්නේ. සම්බුදු තෙමඟුල නිමිත්තෙන්, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව පැවසීය. වෙසක් උත්සවය සමරන ලෝකවාසී සියලු බෞද්ධයින්ට තම සුබපැතුම් පිරිනමන බව ඔහු පෙන්වා දෙයි. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරෙන වෙසක් දිනයේ දී සියලු දෙනාට උන් වහන්සේගේ ජිවිතයෙන් හා ඉගැන්වීම්වලින් බොහෝ දේ උගත හැකි බව, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දෙයි.

    අමෙරිකාන් රාජ්‍ය ලේකම් මයිකල් පොම්පෙයෝ ද වෙසක් දිනය නිමිත්තෙන් සුබපැතුම් එක්කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ලෝකවාසීන්ට සාමය සහ සතුට පිරිනමන බව ඔහු පෙන්වා දෙයි. බුදුන් වහන්සේගේ දයාව, පරිත්‍යාගශීලි බව හා සාමය යන ගුණාංගවලට තමන් ගෞරව කරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි. අමෙරිකාවේ බෞද්ධ ප්‍රජාව ද තම රටට ශක්තියක්. වසර 2000කට අධික කාලයක් පුරා බෞද්ධාගමේ දායකත්වය තම සංස්කෘතිය හා ඉතිහාසය පෝෂණය කර ඇති බව එහි දැක්වේ.

    Last modified on ඉරිදා, 19 මැයි 2019 12:34

    Latest News