ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 4ක් මරුට

මැයි 19, 2019

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් ඊයේ සිව් දෙනෙකු මියගොස් තිබේ.

    හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල බෑන්කඩ් මංසන්ධියේ සිදුවූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇත. අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී වෙසක් සිරි නරඹා යළි නිවෙස් කරා යමින් සිටියදී. ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය වෑන් රථයක ගැටී අනතුරව සිදුවිය. මියගොස් ඇත්තේ වෙන්නප්පුව සහ බණ්ඩිරුප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    කොළඹ-මීගමුව මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවෙකු මිය ගියේය. අනතුර සිදුව ඇත්තේ, යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව පෙරලී කන්ටේනර් රථයකට යටවීමෙනි. මියගොස් ඇත්තේ, වයස 21ක් වන ඇලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඇරැව්වල ප්‍රදේශයේ සිදුවූ තවත් යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. එක් යතුරු පැදියක සිව් දෙනෙකු ගමන්කර ඇති බව පොලිසිය පවසයි. යතුරු පැදියක් මෝටර් රථයක් පසුකර යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී තිබේ. මියගොස් ඇත්තේ කරන්දෙණිය පිහිඹියකන්ද ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

    Latest News