ජාතික හැදුනුම්පත් නිකුත් කිරීිමේ එක්දින සේවාව අද සිට යළිත්

ඔක් 25, 2021

    ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි.

    මෙම සේවාව දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නා ඉල්ලුම්කරුවන් සදහා ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව සීමිත සේවාලාභින් පිරිසකට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පලාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීිමට කටයුතු යොදා ඇත. මෙම සේවාව ලබාගැනිමට අපේක්ෂා කරන සේවාලාභින් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාර් මගින් සහතික කර අදාළ ප්‍රාදේශිීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමුවිය යුතුය. එහිදි තමන්ට පැමිණිය හැකි පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීිමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    Latest News