LTTE නායකයින්ගේ පින්තුර තිබු සරසවි ක්‍රියාකාරින්ට ඇප

මැයි 16, 2019

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද(16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ.

    පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සොදිසි මෙහෙයුම් වලිදී අත්අඩංගුවට ගත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් හා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුවා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පඅනතුරුව රක්ෂිත බන්ධණාගාර ගත කර තිබිණ.

    අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගර ගත කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයින් දෙදෙනෙකුගේ ජායාරූප ළඟ තබා ගැනීමේ වරදටයි.  එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත හා සෑම ඉරු දිනකම යාපනය කෝපායි ‍පොලීසියේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණ.

     

     

     

     

     

     

    Latest News