ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවේ

මැයි 13, 2020

    ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී පැවති එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ විභාග, සම්මුඛ පරීක්‍ෂණ, රියදුරු බලපත්‍ර හා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම යනාදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ, ප්‍රාදේශීශයට ය ලේකම් කාර්යාල මගින්. ඉල්ලුම්කරුවන් තම අවශ්‍යතාව ග්‍රාම නිලධාරිවරයා විසින් තහවුරු කරනු ලැබූ පෝරමය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කිරීම අනිවාර්ය වේ. එලෙස යොමු කෙරෙන අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට ඇතුලත් කරනු ලබයි. අනතුරුව, ඊට අදාළ හැඳුනුම්පත් කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් අදාළ ඉල්ලුම්කරුවන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම, මාර්තු 16ට පෙර එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉල්ලුම්පත් සූදානම් කළ සියළුම ඉල්ලුම්කරුවන් ද තම අයදුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශයට යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    මාර්තු 31 දිනට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසු සිසුවියන්ගේ ඉල්ලුම් පත්‍ර යොමු කර නොමැති පාසල් ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට කඩිනමින් යොමු කරන්නැයි, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක මහතා ඉල්ලා සිටී.

    Last modified on බදාදා, 13 මැයි 2020 19:38

    Latest News