දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය අවසන්

මැයි 15, 2019

    වයඹ පළාතටත්,ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අවසන් වූයේ අද අලුයම 4.00ටයි. ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් වයඹ පළාතට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවේ ඊයේ පස්වරු 6.00ට පමණ. එය අද උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක කෙරිණ. ගම්පහ පොලිස් කොට්ඨාසයට ද ඊයේ පස්වරු 7.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ අද අලුයම 4.00 දක්වා පමණි.

    Last modified on බදාදා, 15 මැයි 2019 09:01

    Latest News