කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණයට ගුවනින් හෙලිකොප්ටර්

මැයි 15, 2019

    නොසන්සුන්තා ඇතිවූ ප්‍රදේශවල හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දිවා රාත‍්‍රී යෙදවීමට ද පියවර ගෙන ඇති බව ගුවන් හමුදාව පවසයි.

    ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම මෙහි අරමුණ බවයි.විවිධ ප‍්‍රදේශවල කළහකාරී ලෙස හැසිරෙණ පුද්ගලයින්ගේ ඡායාරූප ගුවනින් ගොස් ලබා ගෙන ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් , නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්ත මහතා තවදුරටත් පවසයි.

    දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මහින් කොඹළ, කටුනායක , රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සිගිරිය, මොරවැව ,මීරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල්වල දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    මේ අතර කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් වැකරන්ද වත්ත ප්‍රදේශයේ සහ වීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මඟින් දැන්නියගම ප්‍රදේශයේ වටලා සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.

    Last modified on බදාදා, 15 මැයි 2019 09:10

    Latest News