රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට ඊයේ රාත්‍රී 7.00 සිට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 4.00ට ඉවත් කෙරිණ.

වයඹ පළාතටත්,ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට හෙට උදේ 07.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

සමන්තුරෙයි,කල්මුනේ,චවලකඩේ යන ප්‍රදේශවලට ඊයේ සවස 5.00 සිට ආරම්භ කෙරුණු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8.00 වන විට අවසන් විය.

Latest News