වෙසක් උත්සවයට රජයෙන් තහනමක් නැහෑ..... පැවැත්වීම මහනායකහිමිවරු හා විහාරාධිපතිවරුන්ගේ කැමැත්ත අනුව....ඇමති කිරිඇල්ල

මැයි 10, 2019

    මහානායක හිමිවරුන්ට හා විහාරාධිපතිවරුන්ට කැමැති ආකාරයට වෙසක් උත්සවය පැවැත්විය හැකි බවත් රජය වෙසක් උත්සව සඳහා ආරක්ෂාව සහ සහයෝගය ලබාදෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     වෙසක් දින උත්සව සඳහා ආරක්ෂාව සලසා දිය යුතු බවත් රටේ තත්ත්වය හේතුවෙන් වෙසක් උත්සව නවතා දැමිය නොහැකි බවත් රජය ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පියවර කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ ය.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා, නැඟෙනහිර පළාතේ විශ්වවිද්‍යාලය පටන් ගත්තේ පසුගිය රජය කාලයේ වසර 2013 දී. අඩු පාඩු තියෙනවා නම් සොයා බලනවා.

    පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සභානයකවරයා මෙසේ ද පැවසීය පොලිස්පතිවරයා, ඉවත් කිරීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආව එකක් නොවේ. ඊට කලින් රාජ්‍ය නිලධාරින් ඉවත් කිරීමේ පනත තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් කොමිටියක් පත් කරලා, වරද කරු කරලා, පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන්න ඕන. තමුන්නාන්සේලා කැමැති නම් කොමිටියක් පත් කරමු.

    වෙසක් උත්සවය සම්බන්ධයෙන් මහනායකහිමිවරුන් හා විහාරාධිපතිවරුන්ගේ කැමැත්ත අනුව වෙසක් උත්සවය පැවැත්විය හැකියි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා ආරක්ෂව රජය ලබාදෙනව. රජය මේ සඳහා තහංචි පනවන්නේ නෑ.

    පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිතුමා ජාතිය අමතා ප්‍රහාරයේ පිළිබඳ වගකිම බාර ගත්තා යැයි ද සභානායකවරයා පවසී ය.

     

     

     

    Latest News