සම්බුදු ‍තෙමගුල සිහිකරමින් දිවයින පුරා වෙසක් තොරණ, පහන් කූඩු, දන්සැල් ඇතුළු විශේෂාංග රැසක් සංවිධාන කර තිබෙනවා.

‍සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයන් සමග වෙසක් සැමරීම, සිල් සමාදන් වීම,පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහානායක හිමිවරුන්ට හා විහාරාධිපතිවරුන්ට කැමැති ආකාරයට වෙසක් උත්සවය පැවැත්විය හැකි බවත් රජය වෙසක් උත්සව සඳහා ආරක්ෂාව සහ සහයෝගය ලබාදෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

Latest News