නැගෙනහිර ආණ්ඩුකාරවරයට එරෙහිව මඩකලපුවේ සහ ත්‍රිකුණාමලයේ හර්තාල්

මැයි 10, 2019

    ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාල ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

    ත්‍රිකුණාමලය නගරය කන්තලේ, සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසා පෞද්ගලික බස් සේවා ධාවනයෙන් ඉවත්ව ඇති බව අප වාර්තාකරු පවසයි. ත්‍රිකුණාමලය -  චීනවරාය පාරේ සංගම හන්දියේ දි හා උප්පුවේලි හන්දියේ මාර්ගය මැද ටයර් දමා පුළුස්සා තිබු අතර පොලිසිය පැමිණ ගිනි ගන්නා ටයර් ඉවත් කෙරිණි.

    රාජ්‍ය ආයතන, බැංකු විවෘතව තිබුණ ද එහි සේවක මණ්ඩලවල පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණි. ඇතැම් බැංකු හා රාජ්‍ය ආයතනවල දෛනික කටයුතු වලට බලපැම් එල්ල වී තිබිණි. පාසල් හා රජයේ ආයතන හා බැංකු වලට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලින් ආරක්ෂාව යොදවා තිබේ.

    හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා ආරම්භ කර ඇති සත්‍යග්‍රහය ද ක්‍රියාත්මක වේ‍. ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇත.

    trincoprotest px 900 19 05

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 13:18

    Latest News