මුස්ලිම් අන්තවාදීන්ට කිසිදු සමාවක් නැහෑ.....අන්තවාදය පරාජය කළ යුතුයි

මැයි 10, 2019

    අන්තවාදය රටෙන් අතුගා දැමීමේ වගකීමක් මුස්ලිම් ජනතාවට ඇතැයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

    සමාජයක ලෙස අන්තවදීව කටයුතු කරන්න බැරිවත් අන්තවාදි මත පරාජය කළ යුතුයි ද ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ වත්මන් තත්ත්වය විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

    අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා - “සමාජයක් ලෙස අන්තවදීව කටයුතු කරන්න බෑ. ඕනෑම ප්‍රජාවක් ඉදිරියට ගෙන යා යුත්තේ මධ්‍යස්ථ මතධාරීන්. මුස්ලිම් අන්තවාදීන්ට කිසිම සමාවක් දෙන්න බෑ. මුස්ලිම් සමාජය තුළින් ගොසනැඟුණු මරාගෙන මැරෙන අන්තවාදය නිසා දෙසිය ගණනක් මිය ගියා, සිය ගනනක් තුවාල ලැබුවා. අන්තවාදය රටෙන් අතුගා දැමීමේ වගකීමක් මුස්ලිම් ජනතාවට තිබෙනවා. එයට එරෙහිව කටයුතු කරන්න. එසේ නොකළහොත්, මේ ප්‍රශ්නවලට අනාගතයේ සියලු දෙනාටම විදින්නට සිදු වෙනවා.

    අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕන. අපේ රටේ ජනතාවට එක නීතියක් තිබිය යුතුයි. මද්‍රසා නියාමය වෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. මේ කෙටුම්පත ඒ ආකාරයට සංශෝධනය විය යුතුයි. බලවත් විය යුත්තේ අන්තවාදීන් නොවේ, මධ්‍යස්ථ මතධාරීන්. මෙවැනි ක්‍රියා හරහා මධ්‍යස්ථ මතය සීමා කරනවා. එය නොකළ යුතුයි. කඩු තියාගන්න ලයිසන් ගන්න වෙනවා. අන්තවාදි මත පරාජය කළ යුතුයි. යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Latest News