රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්

මැයි 08, 2021

    යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

    බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ, 'කොවිඩ්-19' වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම තීරණය ගත් බවයි.

    රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට ඉදිරියේ දී සැලසුම් කරන බවයි, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

    Latest News