කොච්චිකඩේ සහ සැන්ග්රිල්ලා ප්‍රහාර දර්ශන සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.....රඳවා ප්‍රශ්න කිරිමට අවසර

මැයි 10, 2019

    මොරටුව පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදුණු නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සමන්තුරේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනිමෙන් පසු දින 03 රඳවා ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අවසර දී තිබේ.

    සැකකරු පෙරේදා රාත්‍රී (08) පැය 03ක ආස්නන කාලයක් මොරටුව දුම්රිය ස්ථානයේ රැඳීසිට ඇති අතර සෝදිසි කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරිමට කිසිදු ලියවිල්ලක් නොතිබු බව පොලිසිය පවසයි.

    ඔහුගේ ජංගම දුරකථන පරීක්ෂාවේදි කොච්චිකඩේ සහ සැන්ග්රිල්ලා පිපුරුමට සම්බන්ධ මාධ්‍ය තුලින් පවා ප්‍රචාරය නොවූ වීඩියෝ දර්ශන තිබී ඇති අතර සහ ප්‍රශ්න කිරීමේ වලදී එකිනෙකට පරස්පර පිළිතුරුදිමත් පොලිස්යේ විශේෂ අවධානයට යොමුවි තිබේ. සැකකරු මොරටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දින 03 රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇත.  සැකකරු සමන්තුරේ පදිංචි 39 හැවිරිදි අයෙකු වන අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 12:45

    Latest News