කුලියට ගත් වාහන කඩා විකුණලා....සැකකරු මාට්ටු

මැයි 10, 2019

    කුලී පදනම මත ලබා ගන්නා රථ වාහන, කොටස් ගලවා අලෙවි කෙරුණු ජාවාරමක් අම්බලන්ගොඩ පොලීසිය විසින් හෙළි කරගෙන තිබේ.

    රථවාහන කුලීපදනම මත ලබාගෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම වාහනවල කොටස් අලෙවි කර ඇත. බලපිටිය වෙලගෙදර ප්‍රදේශයේ නිවසක තිබී එලෙස කොටස් ගැලවූ වැගන් ආර් රථයක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණයක් සිදුකර ඇත.

    මෙහි ප්‍රධාන සැකකරු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර ඔහු අධිවේගී මාර්ගය ඔස්සේ පලා යමින් සිටියදී කඩුවෙල පිටවුමේදී පරීක්ෂා කර මිරිහාන විශේෂ අපරාධ ඒකකයට භාර දී ඇත.

    Latest News