ගුවන් නියමු පුහුණු මින් ඉදිරියට නව නීති අනුව සිදුවේ

මැයි 10, 2019

    ගුවන් නියමු පුහුණු කටයුතු සඳහා සීමා පැනවිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ගනී.

    21 වැනි දින ප්‍රහාරයෙන් අනතුරුව මෙම සීමා පැනවීම සිදුකර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    ගුවන් යානා පුහුණු පාසල් මඟින් සිදුවන ගුවන් නියමු පුහුණු කටයුතු රත්මලාන ගුවන්තොටුපල සහ කටුකුරුන්ද ගුවන්තොටුපල ආශ්‍රිතව සිදු කෙරේ.

    කෙසේවෙතත් අදාළ පුහුණු කටයුතු සඳහා ගුවන් හමුදාවේ උපදෙස් මත සීමා පැනවීමක් සහ නව නීති හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බව, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    මේ අතර සැහැල්ලු ගුවන් යානා ධාවනය කිරීමේදී ද නව නීති හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

    පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

    Latest News