උපරිම ආරක්ෂාව පාසලට දුන්නා..... සාමාන්‍ය අතට හැරේවි..... ඇමති අකිල

මැයි 07, 2019

    රජයක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂවක් පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් අවධානය යොමු කළ මන්ත්‍රීවරයා, ආරක්ෂිත වැට හෝ මුරකරුවන් ලබාදෙමින් අවශ්‍යතා සම්පුර්ණ කළ හැකි දැයි ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා විමසා අද (7) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ ය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා: පාසල් ආරම්භ කළේ සියලු ආරක්ෂ අංශවලින් ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඔවුන් ලබාදුන් තහවුරු කිරීම මතයි පාසල් ආරම්භ කළේ. දිගින් දිගටම පාසල් වසා දැමිය නොහැකියි. ඊයේ පාසල් දරුවන්ගේ අඩුවක් තිබුණත් ඒ තත්ත්වය සාමන්‍ය තත්ත්වයට පත් වේවි. සියලු පාසල්වලට ආරක්ෂාව තහවුරු කර තිබුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 18:08

    Latest News