ඕලු මුවා දඩයම්කරු බිමහෙලූ මුවා සමඟ මාට්ටු

මැයි 07, 2019

    පස්සර මීරියබැද්ද රක්ෂිතයේදී ඕලු මුවෙක් දඩයම් කළ පුද්ගලයෙක් ඒ සඳහා උපයෝගි කරගත් පතොරම් තුවක්කුවද සමග (7) දා සවස අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි.

    පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුන තොරතුරක් මත සැකකරු දඩයම් කළ මුවා රැගෙන යද්දීම අත්අඩංගුවට ගෙන තිබේ. 55 වන වියේ පසුවන සැකකරු මීරියබැද්ද ප්‍රදේශයේ කරුවෙක් බව විමර්න වලදි අනාවරණය වූ බව පොලිසිය සදහන් කළේය.

    බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති පාලිත සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දුෂන මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජුල ඉසුරුකුමාර හා පො.කො. 68558 චමිල යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 17:25

    Latest News