බද්දෙන් සතුටු වූ අල ගොවියා

නොවැ 06, 2018

    ආනයනික අර්තාපල් සඳහා බදු පැනවීම පිළිබඳව දේශීය අර්තාපල් ගොවීන් රජයට කෘතඥතාව පළ කරනයි.

    එය, දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීම සඳහා ගත් වැදගත් පියවරක් බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රජය රුපියල් 40ක බද්දක් පනවනු ලැබීය. එමගින් දේශීය අර්තාපල් ගොවිය ආරක්ෂා කෙරෙන අතර, මෙම කන්නයේ දී මෙන්ම, ඉදිරි කන්නයේ ද හොඳ ආදායමක් බලාපොරොත්තු වන බවයි, ගොවීන් පවසන්නේ.

    ගොවීන් විශාල පිරිසක් අර්තාපල් වගාව සඳහා යොමුවී තිබේ. වැලිමඩ හා ඌව පරණගම ඇතුළු ප්‍රදේශ රැසක සාර්ථක අර්තාපල් වගාවක් සිදු කෙරෙන බවයි, ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

    Latest News