මිලියන 20ක හෙරොයින් අත්අඩංගුවට

නොවැ 07, 2018

    කොච්චිකඩේ - තක්කියා පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සමග හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම රුපියල් මිලියන 20කට අධිකයි. වැටලීම සිදුකළේ මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.

    සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම හෙරොයින් සොයා ගැනිණ. මොහොමඩ් සරුක් මොහොමඩ් සෙඩික් නමැති 51 හැවිරිදි සැකකරු පෝරුතොට, කොච්චිකඩේ පදිංචිකරුවෙක්. ඔහු අද දින (07) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 11:25

    Latest News