පෞද්ගලික අංශ වැටුප 2500 ඉහළට.....මුලික වැටුපෙත් වැඩිවීමක්

මැයි 01, 2019

    පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 2500 කින් ඉහල නැවීමට හැකි අන්දමින් 2016 අංක 3 දරණ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා ඉහළ නැංවේ. පෞද්ගලික අංශයේ වූවන්ගේ අවම දෛනික වැටුප ද රුපියල් 400 සිට රුපියල 500 දක්වා ඉහළ නැංවීම සිදුවේ.

    සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් විය යුතු බවට නිර්දේශ කර තිබේ. වර්තමානයේ පවතින ජීවන වියදමට සරිලන පරිදි වැටුප ඉහළ නැංවිය යුතු බවට ජාතික කම්කරු උපදේශක සභාව කළ නිර්දේශ මෙම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

    Last modified on බදාදා, 01 මැයි 2019 14:51

    Latest News